ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ සුඛෝපභෝගී නිල මෝටර් රථයේ ගැටුණු යතුරු පැදියක ගමන් කළ පවුලක්ම රෝහල් ගතකර තිබේ.
ඊයේ (03) පැලවත්ත අකුරේගොඩ හමුදා මූලස්ථානය ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත.
එහිදී යතුරු පැදියේ ගමන් කළ පියා, මව සහ වයස අවුරුදු 2, 6 පසුවූ දරුවන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරුව මව සහ දරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලට යොමුකර ඇත.
වාර්තා වන ආකාරයට අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ සුඛෝපභෝගී නිල මෝටර් රථයේ ගමන්කර තිබෙන්නේ ඔහුගේ බිරිඳ සහ රියදුරු පමණි.
අනතුර සම්බන්ධව රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇප ලබාදී තිබේ. අනතුරට පත් පවුලට රුපියල් 35000 වන්දි මුදලක් ගෙවන ලෙස රියදුරුට නියෝග කර ඇති බව ද වාර්තා වෙයි.