ජනපති රුවට කේක් කවති… රතිඤ්ඤා දල්වති… ජනපති ජන්ම දිනය උතුරේ ජයටම සමරති…!

November 25, 2026 at 11:00 am | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උතුරේ තරුණ පිරිසක් විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබේ.

උපන්දින කේක් එකක් සකස් කර, ගම්වාසීන්ට කේක් බෙදා දෙමින් මෙම සැමරුම සිදු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව සහිත ඡායාරූපයකටද කේක් කැවීමට තරුණයෝ කටයුතු කළහ.

එහිදී උපන්දින සැමරුම තවත් උත්කර්ෂවත් කරමින් රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කිරීමටද පිරිස කටයුතු කළහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *