මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ගැටලුවක් නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
“රටේ ලොකුම රාවයක් යනවා, මහින්ද මහත්තයා ඉල්ලනවා ලු “මට දෙන්න අගමැතිකම කියලා…” කාගෙන්ද ඉල්ලන්නේ ? අපේ ජනාධිපතිතුමාගෙන්.
අපි කියන්නේ කරුණාකරලා කරන්න. රනිල් මහත්තයා කරුණාකරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් වහාම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දය දෙන්න අපිට.
අපි එන්නම් ආණ්ඩුවක් හදාගෙන ප්‍රශ්නයක් නෑ. ඔයාලට ජනාධිපතිකම තියෙනවා. අපිට ආණ්ඩුවක් තියෙනවා. අනිත් එක ජනමතය කා එක්කද කියලා රටට දැනගන්න පුළුවන්.”
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ බව සඳහන් කළේය.