ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් පිටිය වගුරු බිමක්… පරිසර සංවිධාන විරුද්ධ වෙයි…!

December 30, 2025 at 10:49 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 01 වෙනිදා මුල්ගල තැබූ ස්ථානය ගං වතුරට යට වන ස්ථානයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

පරිසර සංවිධාන කිහිපයක්ම මෙම ස්ථානය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සඳහා සුදුසු නොමැති බව ප්‍රකාශ කොට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එම භූමිය අධික වැසි සහිත කාලවල ජලය රඳවා තබා ගන්නා වගුරු බිමක් නිසා මෙම ස්ථානයේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට එම සංවිධාන විරෝධය ප්‍රකාශ කර ඇති බව ද සුමන්දිරන් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *