ජනපති මැති ඇමතිලා වගේ දළදාව වැඳ ගන්න… මල්වතු අනුනාහිමි විපක්ෂ නායකට කියයි…!

April 19, 2025 at 11:23 am | by emanisa.lk

දළදා වහන්සේ වැඳපුදා ගැනීමට එන්නැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේය.

සිරි දළදා දැක්මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට ජනාධිපති ඇතුළු මැති ඇමතිවරුන් පැමිණෙන බවත් ඒ සඳහා විපක්ෂ නායකවරයාට කිසිවෙකුගේ අවසරයක් උවමනා නැති බවත් එහිමියන් සඳහන් කළහ.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ දින ගණනාවක් ජනතාව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පෝලිමේ සිටින නිසා ඔවුන්ට කරදරයක් නොවිය යුතු බවයි.

ඒ, ඊයේ (18) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණ ගැසීමට ගිය අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *