ජනපති-මහ බැංකු අධිපති රටට එක බොරුවක් කිව යුතුයි…! – උදය ගම්මන්පිල…

June 24, 2024 at 2:19 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවේ පළමු අත්සන්කරු වන මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 27 වන දා සිට රට බංකොලොත්භාවයෙන් මිදෙන බව ප්‍රකාශ කොට ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ අතර මුදල් නෝට්ටුවේ දෙවන අත්සන්කරු වන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකාව බංකොලොත්භවයට පත් නොවූ බව පසුගිය වසරේ දෙසැම්බර් 23 ප්‍රකාශ කොට ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රකාශ දෙක ම එකවර සත්‍ය විය නොහැකි නිසා ජනතාව ව්‍යාකූලත්වයට පත්ව ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එහෙයින් ජනතාව අපහසුතාවට පත් නොකර දෙදෙනා සාකච්ඡා කොට එක බොරුවක් රටට කියන ලෙසයි, උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *