ජනාධිපති අනුර දිසානායක පසුගියදා ජනසතු කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාට වෙන්කළ කාමරය පොදු ජනතාවට ලබා දීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව එම කාමරය එක් රාත්‍රියකට රු. 70 000ක මුදලකට ජනතාවට වෙන්කර ගත හැකිය.
සියලු පහසුකම්වලින් සමන්විත වායු සමනය කළ මෙම රෝහල් කාමරයේ මිල රෝහලේ සෙසු කාමරවලට වඩා තුන් ගුණයක් වැඩිය.
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම රෝහල ඇඳන් දහසකින් සමන්විත අතර ඔහුට කරන ගෞරවයක් ලෙස ඊට සියලු පහසුකම් සහිතව 1001 වන ඇඳ ලෙස වෙනම ප්‍රභූ කාමරයක් එකතු කෙරිණි.