ජනපති කාර්යාලයේ ආරක්ෂාව දැඩි කරයි… පොලිස් නිල සුනඛයන් යොදවයි.. සේවකයන් පූර්ණ ශරීර පරීක්ෂාවට…!

February 25, 2025 at 3:21 pm | by emanisa.lk

ජනාධිපති කාර්යාලය ආරක්ෂාව මේ වන විට තව දුරටත් දැඩි කර ඇතැයි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර සඳහන් කරයි.

පොලිස් නිල සුනඛයන් පවා යොදවා කාර්යාල පරිශ්‍රය දිනපතා පරීක්ෂාවට ලක් කරන බව ද ඔහු පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවකයන් ජනාධිපති කාර්යාල ලේකම් කාර්යාලට ඇතුළු වෙද්දී පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කරමින් ඇති බවත් ඔහු අනාවරණය කරයි.

එහෙත් මින් පෙර කිසිදු අවස්ථාවක මෙලෙස ජනාධිපති කාර්යාල සේවක ශරීර පරීක්ෂාවක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටියි.

කොළඹදී මාධ්‍ය වෙත සුගීශ්වර බණ්ඩාර මෙම අදහස් පළ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *