ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ එහිමියන්ගේ ආරක්ෂක නිලධාරියාට පරුෂ වචනයෙන් බැනවැදී පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
පෙරේදා (15) රාත්රියේ අනුරාධපුර නව බස් නැවතුම්පොලේ දී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීලරත්න හිමි ඊයේ (16) උදෑසන අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව අනුරාධපුර පණ්ඩුලගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මහජන රැස්වීම් සඳහා ශබ්දවාහිනී උපකරණ සවිකරන අයෙකු බවත් වාර්තා විය.