අනුර දිසානායක නම් පුද්ගලයාට තමන් කැමති බවත් එය කීමට නොපැකිළෙන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
“මං ජනාධිපතිතුමා කියලා කතා කළාම, එතුමා කරට අත දාලා කිව්වා, මචං කලබල වෙන්නෙපා, සුවසැරිය වෙනස් කරන්නේ නෑ කියලා.
මට මචං කියන්න බෑ, එතුමා ජනාධිපතිතුමා නෙ. කිව්ව්ට කමක් නෑ එතුමා හරිම මානුෂිකයි.”
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.