ජනපති අනුරගේ වැඩක් නිසා ජනතාව මවිත වෙයි…!

November 29, 2024 at 9:56 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක පසුගියදා ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට ගොස් තිබේ.

ජනාධිපතිවරයා එහි දී සිය ආරක්ෂකයන් සමග පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබේ.

මෙම ස්ථාන දෙක ගාලු මුවදොර අසල එකිනෙකට යාබදව පිහිටි අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන් සමග ගාලු මුවදොර ඔස්සේ මුදල් අමාත්‍යංශයට ගොස් තිබේ.

මේ අවස්ථාවේ ගාලු මුවදොර මාර්ගයේ බස්වල ගමන් කළ ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද ජනාධිපතිවරයා පා ගමනින් යනු දැක මවිතයට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *