යාපනේ තිස්ස විහාරයට පොහෝ දින සිල් සමාදම් වීමට යෑම වෙනත් ජාතීන්ගේ අයිතිවාසිකම් පාගා දමමින් බුදුමග නොව දෙව්දත් මග යෑමක් බව සිවිල් සමාජ ක්‍රියාකාරිකකයෙකු වන නීතීඥ නාමල් රාජපක්ෂ පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.
මා හිතවත් නීතීඥ නඩරාජා කාන්දීපන් මහතාගේ ඉල්ලීම පරිදි දැනට මාස තුන හතරකට පෙර පෝය දවසක ජනාධිපතිතුමා උතුරේ සංචාරයේදී සඳහන් කළ යම් ස්ථානයකට අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධිය පසු කර සිල් ගැනීමට නොව වෛරය පැතිරවීමට යන ගමනක් බව සදහන් කළ ස්ථානය වන තිස්ස විහාරය අවට නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූයෙමි.
ගිංතොට නන්දාරාම නම් දකුණෙන් වැඩම කර සිටින ස්වාමීන් වහන්සේ නමක් හමුදාව විසින් එම විහාරයේ නැවත්වීමට සලස්වා ඇත. එම පළාතේ බෞද්ධයන් නොමැති අතර හමුදා බලය යොදා ගෙන මෙම විහාරය පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රදේශයේ දෙමළ ජනතාව දැඩි නොසතුට කින් පසුවේ. ඔවුන්ගේ ස්ථාවරය දෙමළ ජනතාවගේ ඉඩම් හමුදාව මගින් අත්පත් කර ගෙන හමුදාව මගින් මෙම විහාරය ගොඩ නැඟූ බවයි.
තිස්ස විහාරයට පක්ෂපාතී උදවිය මෙය දේවානම් පියතිස්ස යුගයේ සිට පිහිටි යුද්ධය නිසා විනාශ වී ගිය පසු හමුදාව මගින් නැවත ප්‍රතිසංස්කරණය කළ බව වේ. තිස් වසරකට අධික කාලයක් ජන වර්ග ප්‍රශ්නයක් හේතු කොට ගෙන යුධ වැදි සිටි ජන වර්ග දෙකක අතර නැවත අසහනය ඇති කොට නැවතත් ගිනි ඇවිලවීම සඳහා අවස්ථාවාදී නරුමයන් උත්සාහ කරමින් පෝය දිනයන්හි තිස්ස විහාරයේ සිල් සමාදන්වීම සඳහා දකුණෙන් කණ්ඩායම් සංවිධානය කරති.
මේ සිල් සමාදන් වීම සඳහා තිස්ස විහාරයට පැමිණීමේ අයිතිය ගැන කතා කරන අයට ඔබ එසේ වෙනත් ජාතියකගේ අයිතිවාසිකම් පාගා දමමින් සිදු කරන්නේ බුදුන් ගිය මග ගමන් කිරීම නොව අවස්ථාවාදී දේවදත්තයාන් ගිය මග ගැනීමයි. තිස්ස විහාරය ට පක්ෂපාතී අය කියන ආකාරයට මෙය දේවානම් පියතිස්ස යුගයේ සිට පැවතියත් නියම බුදු මග යමින් සංහිඳියාවෙන් යුත් රටක් ඇති කිරීම සඳහා සියලු දේ අනිත්‍ය බව වටහාගෙන එය අත් හැරීම සුදුසු වේ.
නැතහොත් නැවතත් ලොකු විනාශයක් අත ළඟ බව පෙනේ. එම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අගනා එකක් වේ.
FB