ජනාධිපති අනුර දිසානායක මහතාට රට තුළ ගමනාගමන කටයුතු සඳහා දරන ලද වියදම් ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා ඇත්තේ ජිනත් ප්‍රේමරත්න විසිනි.
අදාළ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ඔහු වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වන්නේ එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරක් බවයි.