ජනපති අනුරගේ උතුරේ එක උත්සවයක වියදම රු. ලක්ෂ 110යි… අඩුවියදම් පුරාජේරු කයියට දෙමළ මාධ්‍යයත් සිනාසෙයි…!

February 27, 2026 at 3:33 pm | by emanisa.lk

තමන් අඩුවියදම් සහ දූෂණ විරෝධී පාලකයෙකු බව කියන ජනාධිපති අනුර දිසානායක පසුගියදා යාපනේ පැවති එක උත්සවයක් සඳහා රු. එක්කෝටි දසලක්ෂ හැත්තෑ නවදහසකට අධික මුදලක් වැයකර ඇතැයි දෙමළ මාධ්‍ය අනාවරණය කර තිබේ.

තෛපොංගල් දිනයට පසුදින යාපනේ කොක්කුවිල් කාර්මික විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති මෙම උත්සවයට විශාල ජනකායක් සහභාගී වන බව ප්‍රදර්ශනය කිරීම සඳහා ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා රු. විසිපන් ලක්ෂ හැත්තෑහය දහසකට වැඩි මුදලක් වැයකර ඇත.

එසේම ක්‍රීඩාංගණය සහ වේදිකාව සැරසීමට රු. පනස්දෙලක්ෂ තිස්හත්දහසක්ද ආහාර සඳහා තිස්එක්ලක්ෂ දහතුන් දහසක්ද ලංගම බස් 75ක් සඳහා රු. විසිතුන්ලක්ෂ හතළිස් තුන්දහසක්ද ආදී වශයෙන් මෙම වියදම දරා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත මගින් තහවුරු වී ඇත.

එසේම ජනවාරි 16 වෙනිදා මීසලේ වීරසිංහම් පාසලේ පැවති ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයක් සඳහා ජනතාව රැගෙන ඒම සඳහා පෞද්ගලික බස් රථ 11ක් සඳහා දෙලක්ෂ විසිතුන්දහසක් වැයකර ඇත.

slguardian

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *