සිංහල ජනතාව උතුරට යන්නේ දෙමළ ජනතාවට ලොකුකම් පෙන්වීමට සහ එහි අයිතිය කියාපෑමට බවට ජනාධිපති අනුර දිසානායක සිදුකළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බව අරණළු ජනතා පෙරමුණෙ නායක වෛද්‍ය කේ.ආර්. ක්‍රිෂාන් පවසයි.
ජනාධිපතිවරයා තෛපොංගල් දිනයේ උතුරටම ගොස් මෙවැනි ප්‍රකාශ සිදුකළ විට ජාතීන් අතර වෛරයක් ඇති වන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් මෙම ප්‍රකාශය තමන් හෙළා දකින බවත් ජනාධිපතිවරයාට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්නේ බෞද්ධයන් බවත් වෛද්‍ය කේ.ආර්. ක්‍රිෂාන් සිහිපත් කරයි.
බෞද්ධ ජනතාව උතුරට යන්නේ දෙමළ ජනතාවට ලොකුකම් පෑමට නම් දඹදිව වන්දනාවට යන්නේ ඉන්දියාවට ලොකුකම පෙන්වීමටදැයි හෙතෙම වැඩි දුරටත් ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.