මහ ජනතාවට සේවය ලබා දීම වෙනුවෙන් මාසිකව රජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වෙත කාර්යාල වියදම්, ඉන්ධන ගාස්තු, දුරකතන දීමනා වැනි රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික දීමනා මන්ත්‍රිවරුන් වෙත ලබා නොදී පක්ෂ අරමුදලකට තර කරන්නේ නම් එය මහජන මුදල අවභාවිතාවක් බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
සිය පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
මාලිමා මන්ත්‍රිවරුන්ට සිය 54,285ක වැටුපට අමතරව ලැබෙන සියලු දීමනා ද පක්ෂ අරමුදලට බැර කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
නිශ්චිත කරුණකට ලබා දුන් මුදල් නිසි අවසරයකින් තොරව එසේ වෙනත් කටයුත්තකට භාවිත කිරීම මහජන මුදල් අවභාවිතාවක් බවත් එය ඇප ලැබිය නොහැකි වරදක් බවත් මෙම මාධ්‍ය හමුවේදී ඔහු තවදුරටත් අවධාරණය කළේ ය.