තමන්ට මන්ත්‍රී වරප්‍රසාද ලෙස ලැබෙන වැටුප් සහ නිල රථයක් අවශ්‍ය නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහා ගෙන්වන කැබ් රථ යටතේ තමන් වෙනුවෙන් කැබ් රථයක් නොවන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
තමා ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ලිඛිතව දැනුම්වත් කළ බව ද කිසිදු වරප්‍රසාදයක් ලබා නොගන්නා බව ජනතාවට තමා පොරොන්දු වූ බව ද ජගත් විතාන සඳහන් කරයි.
අද (24) පාර්ලිමේන්තුව අමතමින් ජගත් විතාන මේ බව කීය.