ජනතා පැතුම් ඉටු කළ පළමු ආණ්ඩුව මාලිමාණ්ඩුවයි…! – නි. ඇමති දසනායක…

December 27, 2024 at 11:40 am | by emanisa.lk

මෙරට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළ පළමු ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වන බව ස්ථිර යැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

“විපක්ෂය දවසින් දවස ජනතාව තුළ බිය සැක සංකා ඇති කරමින් මේ ආණ්ඩුවේ ගමන පිළිබඳව යම් ආකාරයක දෙගිඩියාවක් හදන්න උත්සාහ කරනවා. ඔවුන් දවල් සිහින දකිමින් ආණ්ඩුව මාස හයක් යයි, ඊළඟ පෝයට වැටෙයි, මේ වගේ කතා කියමින් ජනතාව යම් ආකාරයක දෙගිඩියාවකට පත් කරන්න කල්පනා කරමින් ඉන්නවා.

නමුත් අපි ජාතික ජන බලවේගය හැටියට මේ රටේ ජනතාවට කියනවා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය හදමින්, මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් ජාතික ජන බලවේගයේ පාලනය චිරාත් කාලයක් පවතිනවා.

ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් නෑ. ඒ නිසා ජනතාවට විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි, අපි කවුරුත් අපේක්ෂා සහගතව ඉදිරි කාලය ගත කරමු, මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරපු පළමු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත්වෙනවා, ඒක ස්ථිරයි, සහතිකයි.”

ගමගෙදර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *