ජනතාව මාස 5-6කට ලුණු ගබඩා කරලා… රටේ ලුණු හිඟ ඒකයි…! – ලුණු සභාපති….

May 19, 2025 at 9:28 am | by emanisa.lk

ලුණු හිඟයක් ගැන ඇති අනියත බිය නිසා පාරිභෝගිකයා වැඩි වැඩියෙන් මිල දී ගැනීම ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසයි.

“වෙළෙඳපොළට අපි ලුණු නිකුත්කරගෙන යනවා. අද රටේ ලුණු හිඟයක් ගැන කථා කරනවා. මේකෙන් පාරිභෝගිකයන්ට අනියත බියක් ඇතිවෙලා තියෙනවා ලුණු හිඟවෙයි කියලා.

ඒ නිසා හැමකෙනාම පෙළබිලා ඉන්නවා වෙළෙඳපොළේ තියෙන ලුණු වැඩි වැඩියෙන් මිලදී ගන්න. පැකට් 10 – 12 ගෙනිහින් ගෙදර ගබඩා කරගෙන තියෙනවා මාස 5-6කට ඇති වෙන්න. මේ නිසා තමයි මේ ලුණු හිඟයක් ඇතිවෙලා තියෙන්නේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *