ජනතාව බඩගින්නේ පෝලීමේ ඉද්දි ඇමැති ගෑස් සිලින්ඩර් 200ක් අරන් ගිහින්…!

March 23, 2022 at 11:41 am | by emanisa.lk

ගාල්ල, රත්ගම ප්‍රදේශයේ ජනතාව ගෑස් පෝලිමක රැඳී සිටිය දී රාජ්‍ය ඇමැතිවරයෙකු ගෑස් සිලින්ඩර් 200ක් රැගෙන යාම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ජනතාව කුසගින්නේ දින ගණන් පෝලිමේ සිටිය දී දේශපාලනඥයින් ඔවුන්ට අවශ්‍ය සියලු අවශ්‍යතා කිසිදු අපහසුවකින් තොරව සපුරා ගන්නා බවට ජනතාව චෝදනා කළහ.

ජනතාව මාර්ගය ද අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටි අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද සිදුව තිබේ.

රත්ගම ප්‍රදේශයේ ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා ගෑස් සිලින්ඩර් 2500 ක් අවශ්‍ය වන නමුත් මෙම සතිය තුළදී ලබාදිය හැක්කේ සිලින්ඩර් 500 ක් පමණක් බව ගෑස් සමාගම් නියෝජිතයෙකු පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *