ජනතාව පෙළන පඩිපිට වැඩ වර්ජන තවත් බෑ…! විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය අත්‍යවශ්‍ය වෙයි…!

May 18, 2023 at 12:44 pm | by emanisa.lk

සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,රෝහල් වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා හෝ වැඩ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව අදාළ අත්‍යවශ්‍ය සේවාහි නිරත අයට වැඩවර්ජන කිරීමට නීතිමය හිමිකම අහිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස