ජනතාව තෘප්තිමත් නොකර කිසිම ආණ්ඩුවකට පවතින්න බෑ…! – පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි…

April 4, 2025 at 6:09 pm | by emanisa.lk

වර්තමාන ගොවිතැන තුළ සහනාධාර ලෙස විශාල වියදමක් දරන රජය හෝ ගොවියා හෝ අතරමැදදියා හෝ පාරිභෝගිකයා හෝ තෘප්තිමත් නොමැති බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පවසයි.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාවලිය තුළ තමන්ට නොපෙනෙන කිසියම් කාරණයක් ගැබ්ව ඇති බවයි.

ගොවි පවුල්වලට ලේ නෑකම් කියන ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම ඇමතිවරයා ඊට සංවේදී වී පිළියම් යොදනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එහිමියන් සඳහන් කළහ.

රටේ ජනතාව තෘප්තිමත් නොකොර කිසිදු ආණ්ඩුවකට පැවතීමට හෝ ඉදිරියට යාමට හෝ නොහැකි බව ද හේමරතන හිමි අවධාරණය කරයි.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රදානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැති ජාතික අලුත් සහල් මංගල්‍යයයේ අනුශාසනාව සිදුකරමින් පල්ලේගම හේමරතන හිමි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *