ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත හිඟ වෙළඳ ණය ප්‍රමාණය මෙම වසරේ අගෝස්තු මස අවසානය වන විට රුපියල් බිලියන 13.7ක් දක්වා සියයට 38කින් වැඩි වී ඇත.
අයවැය ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව 2026 වර්ෂයට අදාළව වාර්තාව පවසන පරිදි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2024 වර්ෂය අවසන් වන විට සමස්ත හිඟ වෙළෙඳ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.9කි. කෙසේ වුව ද මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.7 දක්වා සියයට 38කින් වැඩි වී ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය මෙම වර්ෂයේ පළමු මාස අටේ දී රුපියල් බිලියන 22.1 දක්වා සියයට 19කින් අඩු වී ඇති අතර 2024 වර්ෂයේ පළමු මාස අටේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 27.4කි.