ජනතාවට වුණේ ලොකු අත්වැරදීමක්…මේ නිරාගමික හීරළු ආණ්ඩුවක් බිහි වුණේ රටේම අවාසනාවට…! – උලපනේ සුමංගල හිමි…

November 11, 2026 at 11:13 am | by emanisa.lk

මේ රටේ ජනතාව අත්වැරදීමකින් ගත් තීන්දුවක් නිසා රටේ අවාසනාවට මෙවැනි නිරාගමිකයන් සහ හීරළුවන් සාතිශය බහුතරයක් තිබෙන ආණ්ඩුවක් නිර්මාණය වී ඇතැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

එම අවාසනාව තුළ ශාසනය තුළ අර්බුද තව තවත් වර්ධනය වී ඇති බවත් ඥාන සාර හිමි එම ඛේදවාචකයේ ප්‍රධාන ගොදුර වී ඇති බවත් එහිමියන් පෙන්වා දෙයි.

තමන් කිසි විටකත් එහිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා නොසිටි බවත් ලබා දුන් ජනාධිපති සමාවේ නිලධාරීන් අතින් වූ තාක්ෂණික දෝෂවලට එහිමියන් දඬුවම් විඳිය යුතු නැති බවත් සුමංගල හිමි අවධාරණය කරයි.

මේ රටේ ඔඩුදුවමින් පැවති අනතුරක් ගැන උන් වහන්සේ හඬ නැඟූ බවත් අවසානයේ එය නොතකා හැරීම නිසා විශාල පිරිසකට ජීවිත අහිමි වූ බවත් එහිමියන්ට ජනාධිපති සමාව ලැබුණේ ඉන් අනතුරුව එහිමියන් නිවැරදි බව රටම අවබෝධ කරගත් පසුව බවත් සුමංගල හිමි ප්‍රකාශ කරයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්මාණය කර එහි වගකීම ඥාන සාර හිමිට ලබා දුන් බවද එහිමියන් එදා උසාවියේ හඬ නැඟුවේ ඩයස්පෝරාවේ උවමනාවට රණවිරුවන් බිල්ලට දීමට විරුද්ධව බවද සුමංගල හිමි වැඩි දුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස