ජනතාවට බදු පිට බදු ගහමින් සමාගම්වලට බිලියන 120ක් බදු සහන දීලා…!

November 23, 2025 at 10:03 am | by emanisa.lk

මෙවර අයවැය මඟින්ද ආණ්ඩුව ගමන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙලෙහිම බව ඔප්පු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේ, රුපියල් දී ඩොලර් මිලදී ගනිමින් විදේශ ණය ගෙවීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ, අර්බුදයේ මුළු බර පොදු ජනතාව මත පැටවීම බවයි.

ජනතාව වෙනුවෙන් වන රජයේ වියදම් කපා හරිමින් භාණ්ඩාගාරය පිරවීමට ආණ්ඩුව උත්සාහ කරන බවට පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය සිය ප්‍රතිපාදනවලින් 60%ක් හරවා යවා තිබියදී ඖෂධ, උපකරණ, හා කාර්යමණ්ඩල හිඟයෙන් රෝහල් පද්ධතිය රෝගී වී ඇත.

ජනතාව මත බදු බර දමමින් ප්‍රාග්ධන හිමියන්ට බදු සහන දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෙවර රුපියල් බිලියන 4910ක බදු ආදායමෙන් බිලියන 3056ක්ම භාණ්ඩ හා සේවා මත බදු වේ. සෘජු බදු ලෙස නම් කර ඇති මුදලින් බිලියන 215ක් වැටුප් ශ්‍රමිකයා ගෙවන උපයන විට බද්ද වන අතර, බිලියන 185ක් බැංකු ගිණුම්වල රඳවා ගැනීමේ බද්ද වේ. එහෙත් මේ වසරේ පළමු මාස හය තුළදී පමණක් BOI සමාගම්වලට රුපියල් බිලියන 120.6ක බදු සහන ලබා දී තිබේ.

එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *