ජනතාවට නැති කිසිවක් අපට එපා… ජනපතිට වෙන්කළ ජ’පුර රෝහල් කාමරයත් ජනතාවට….!

March 25, 2026 at 10:28 am | by emanisa.lk

විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් මෙතෙක් කල් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය ඊයේ (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට ජපාන රජයේ ප්‍රදාන ලෙස 1984 වසරේදී ඇඳන් 1000කින් සමන්විත ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිකළ අතර ඊට ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරන මෙම විශේෂ කාමරය අතිරේකව එක් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *