අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන්නත් ඒ පොරොන්දු ඉටු කිරීමට ඔහුට නොහැකි වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බදු බර අඩු කරන තෙක් රටම බලා සිටියත් IMF සමග සිදු කළ සාකච්ඡාවලින් පසු බදු අඩුවනු ඇතැයි අපේක්ෂා කළත් කිසිදු බද්දක් අඩුකරගත නොහැකි වූ බවත් ඔහු පෙන්වා දෙයි.
එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ නමුත් IMF එක ඉදිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බවත් මේ වන විට IMF එකේ ඊළඟ සමාලෝචනය ද කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙමටගොඩදී පැවැති ජන හමුවක් අමතමිනි.