දේශපාලකයන් මැතිවරණ සඳහා ඉදිරිපත් වන විට තමන් සතු අධ්‍යාපන සුදුසුකම් ජනතාවට ඉදිරිපත් කළ යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි. අදාළ තනතුර හෝ වගකීම දැරීමට තමන්ට සුදුසුකම් තිබේ ද යන්න ජනතාවට ඉදිරිපත් කිරීම වැදගත් බව ද රටේ නායකත්වය උගත් ප්‍රබුද්ධ කණ්ඩායමකට භාර දෙන තරමට මේ රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට ජනතාවට ශක්තිය ලැබෙන බව ද එහිමියෝ පෙන්වා දුන්හ.
අමාත්‍ය ජෝන් අමරතුංගේ පාර්ලිමේන්තු දිවියට වසරක් 40ක් පිරීම නිමිත්තෙන් අද (27) කොළඹ පැවති උත්සවයක දී ය.