ඡන්දේ ළං වෙද්දි සජිත්-අනුර 13 අතකොළුවක් කරං…! – නාමල්…

June 15, 2024 at 6:18 pm | by emanisa.lk

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වන විට දහතුන් වැනි සංශෝධනය දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම නතර කළ යුතු බව ද උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකළ යුතු බව ද ප්‍රකාශ කළේය.

යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට මන්ත්‍රීවරයාට පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තරමින් උතුරේ සංවර්ධනය ගැනවත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.

උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ ගැන කනගාටු වන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *