ඡන්දේ කල් දමන වැඩක්…? පළාත් පාලන සීමා නිර්ණන කමිටුවක්..! සභාපතිකම හිටපු මැකොට…!

November 5, 2022 at 9:10 am | by emanisa.lk

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ.

නොවැම්බර් 01 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනි දා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04) රාත්‍රී නිකුත් කෙරිණි.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ. තවලිංගම් හා අයි.ඒ. හමීඩ් ය.

මෙම සීමා නිර්ණනයේ අරමුණ මැතිවරණය කල් දැමීම බවට විපක්ෂය චෝදනා කළ ද මහින්ද දේශප්‍රිය පවසන්නේ එහි සත්‍යයක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *