ඡන්දෙට සල්ලි වෙන් කළොත් මාස 06ක් කළ කැපකිරීම් සියල්ල වතුරෙලු…!

December 28, 2022 at 4:12 pm | by emanisa.lk

රජයේ මාසික ආදායම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් පසුබිමක් යටතේ මැතිවරණයක් තැබුවහොත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී රට ගොඩගත නොහැකි තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව කී මුදල් අමාත්‍යාංශ නිලධරයෙකු ලබන වසරේ මාර්තු වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇති බව ද කීය.

මෙවැනි පසුබිමක මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි අතර ‍එලෙස මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06ක් ඇතුලත කළ වැඩපිළිවෙළ විනාශ වී රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තිව්‍ර වනු ඇති බවට අනතුරු ඇඟවූයේය.

රාජ්‍ය සේවක වැටුප් සඳහා මසකට රුපියල් මිලියන 93,000ක්, විශ්‍රාම වැටුප් රුපියල් මිලියන 26,500ක්, සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කිරීම සඳහා පමණක් රාජ්‍ය ආදායම ප්‍රමාණවත් බව ද ඊට අමතරව සමාජ සුබසාධක ප්‍රතිලාභ සඳහා රුපියල් මිලියන 3,500ක්, ඖෂධ හා සෞඛ්‍ය සේවා සඳහා රුපියල් මිලියන 3,000ක්, හමුදා සලාක සඳහා රුපියල් මිලියන 2,000ක්, පොහොර සඳහා රුපියල් මිලියන 2,000ක්, ඉන්ධන, විදුලිය, ජලය සහ රක්ෂණ සඳහා රුපියල් මිලියන 7,000ක් අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 3,000ක් මෙන්ම ණය ගෙවීම් ආදී සියලු කටයුතු සඳහා ණය ගත යුතුව තිබෙන බව ද මුදල් අමාත්‍යංශ නිලධාරියා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *