2024 මහා මැතිවරණයේ පළමු ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසයි.
තැපැල් ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම පස්වරු 5ට ආරම්භ කරන අතර ලැබිය යුතු සියලු ඡන්ද පෙට්ටි ලැබුණු විගස ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වනු ඇත.
මෙවර මහා මැතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීමට 17,140,354ක පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයේ 8888 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා තරඟ වදිති.
දිවයින පුරා ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034ක් ස්ථාපිත කර ඇති අතර නිලධාරීන් අසූ දහසක් ඒවායේ රාජකාරී සඳහා අනුයුක්ත කොට තිබේ.