චෝදනාවලට බය නෑ..! ඉරිදා ලංකාවට එනවා….! – ජෙරම් ප්‍රනාන්දු…

May 17, 2023 at 4:15 pm | by emanisa.lk

ලබන ඉරිදා දිනයේ තමන් යළි මෙරටට පැමිණෙන බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසයි.

සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටින අතර කලින් යොදාගත් අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන් දිවයිනෙන් බැහැරව ගිය බවයි.

ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්‍රකාශයන් තුළ බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.

අනතුරුව පාර්ශ්ව කිහිපයක් දේවගැතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

මෙවැනි පසුබිමක් තුළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ඉරිදා සිය බිරිඳ සහ දරු දෙදෙනා සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන් අනතුරුව කටයුතු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස