චේන්ජ් වුණේ සිස්ටම් එක නෙමෙයි අනුර… රනිල්ගේ ගාණම එයත් අරන්…! – කබීර් හෂීම්…

December 5, 2024 at 12:55 pm | by emanisa.lk

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් තමන්ට වෙන් කරගත් මුදල ම වර්තමාන ජනාධිපතිවරයා ද අතුරු සම්මත ගිණුම මගින් තමන්ට වෙන්කර ගෙන ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක වෙමින් එම මහතා පැවසුවේ එසේ වෙන්කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4ක් බවයි.

“2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ යටතේ රුපියල් ට්‍රිලියන 1.4ක්. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේ අතුරු සම්මත ගිණුමින් ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා.

රනිල්ගේ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි.

අපි සජබය කිව්වා IMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *