චීන මූල්‍යාධාර යටතේ මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති සුදු අලින් බවට ඇතැමුන් චෝදනා කළත්, එම ව්‍යාපෘති සියල්ල පැවති ආණ්ඩුවල ඉල්ලීම් අනුව ඉදි කළ ඒවා බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන් හොන්ග් මහතා පවසයි.
තානාපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනය නියෝජිත පිරිසක් සමග ඊයේ (28) පස්වරුවේ පැවති හමුවකදීය.
එහිදී තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පාර්ශ්වය දුර්වල ආකාරයෙන් මෙහෙයුම් සිදුකිරීම නිසා ඇතැම් ව්‍යාපෘති නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැති බවය.
උදාහරණයක් ලෙස පෞද්ගලික සමාගමකට බදු දී ඇති නෙළුම් කුලුන ව්‍යාපෘතිය වර්තමානයේ ලාභ ඉපැයීමට පටන්ගෙන ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සංකේතයක් බවට පත්වී ඇති බව චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම චීනය ආයෝජනය කළ හම්බන්තොට වරාය සහ කොළඹ වරාය ශ්‍රී ලංකා රජයට විශාල ආදායමක් ගෙන දෙන බවද ඔහු පෙන්වා දුනි. එසේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම චීන ආයෝජනයක් බව එහිදී පෙන්වාදුන් තානාපතිවරයා පැවසුවේ ඊට ශ්‍රී ලංකාවෙන් කිසිදු මුදලක් වැය කර නොමැති බවය.
චීන ණය සහ ආයෝජන, ණය උගුලක් ලෙස ඇතැමුන් හැඳින්වුවත්, එම ආයෝජන සිදුකළේ ශ්‍රී ලංකාව සමග පවතින ශක්තිමත් මිතුරු සබඳතාව මත මිස පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොවන බව ඔහු එහිදී අවධාරණය කළේය.
විදේශ බලපෑම්වලට යටත් නොවී ස්වාධීන ජාතියක් ලෙස නැගී සිටීම සඳහා චීනය ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදුන් බවත් නව රජය යටතේ චීන- ශ්‍රී ලංකා සබඳතා නව පරිච්ඡේදයකට පිවිසෙනු ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.
සාකච්ඡා වට 7ක් ක්‍රියාත්මක වුවත් චීන- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මෙතෙක් අත්සන් තැබීම නොහැකිව ඇත්තේ එම ගිවිසුමෙන් මෙරට වෙළෙඳපොළ චීනය විසින් ආක්‍රමණය කරනු ඇති බවට පවතින සාවද්‍ය බිය නිසා බව ද හෙතෙම කීය.