චීනයෙන් ගෙන ආ සහලින් බත් උයා ගුලි කර පොළොවේ ගැසූ විට බෝලයක් මෙන් උඩ විසි වන බව තමා වීඩියෝවක දුටුවේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ලංකාවේ කුඹුරු අක්කර හෙක්ටයාර් එකක් සඳහා යූරියා දමන්නේ කිලෝ 137ක් පමණක් බවය.
එහෙත් චීනයේ හෙක්ටයාරයක් සඳහා යූරියා කිලෝ 525ක් ද ඉන්දියා කිලෝ 250ක් දමන බව අශෝක් අබේසිංහ හෙළි කරයි.
ලංකාව මෙන් 3-4 ගුණයක් යූරියා දමන රටවලින් සහල් ගෙනැවිත් අපට වස විසෙන් තොර ආහාර ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන්නේ යැයි ද ඔහු චෝදනා කරයි.