මාලිමාණ්ඩුවේ නායකයන් කියන සහ කරන දේ අතර විශාල පරතරයක් ඇතැයි හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
“ඉන්දියාවට යන්න කලින් කීවා ඉන්දියාව ලංකාව ගිල ගන්නවා කියලා බැන්නා. ඉන්දියාවට ගිහින් සුවච කීකරු කුක්කෙක් වගේ ඉන්දියාවේ ගුණ වර්ණනා කළා.
චීනයට ලංකාව විකුණනවා කියලා බැණ වැදුණා. චීනයට ගියේ නිකං වරාය ආපහු ගේන්න වගේ. අපට උදව් කළ චීනයට බැණ වැදුණු අනුර දිසානායක අද චීනං සරණං ගච්ඡාමි කියනවා.
හම්බන්තොට තෙල් පිරිපහදුව හදන්න ගිවිසුම ගහලා, මම ඇමති වෙලා ඉන්න කොටත් ඒ සමාගමේ නිලධාරීන් 27 වතාවක් ලංකාවට ඇවිත් ඒ ගැන කතා කළා. මේ ආයෝජන ලැබෙනවා නම් අපි සතුටුයි.”
ගෝඨාභය රාජපක්ෂ මෙන් ගහල පන්නන තැනට පත් වීමට පෙර කයිය සහ වහසි බස් දෙඩීම නවතා ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා දිය යුතු බව ද හෙතෙ අවධාරණය කරයි.