චැනල් 4 ගහන්නේ රාජපක්ෂලාට නෙමෙයි, බුද්ධි අංශවලට…! – නාමල්…

September 11, 2023 at 2:50 pm | by emanisa.lk

චැනල් 4 නාළිකාව 2009 වසරේ දී අපේ රටට අසත්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, එයින් අනතුරුව 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව එම චෝදනා යම් ආකාරයකින් පිළිගෙන බුද්ධි අංශ නායකයින් දඩයම් කරමින් හමුදාව දුර්වල කළ බවයි.

මේ සමග ම රටේ බුද්ධි අංශ තුළ පැවැති ආත්ම ගෞරවය සහ ආත්ම ශක්තිය බිඳ වැටුණු අතර ජාත්‍යන්තර ඔත්තු සේවා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට කළ අනතුරු ඇඟවීම් යහපාලන ආණ්ඩුව සැලකිල්ලට නොගත් බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

අදත් චැනල් 4 නාළිකාව සිදුකරන්නේ රාජපක්ෂලාට මඩ ගැසීමට වඩා රටේ බුද්ධි අංශ දුර්වල කොට දුර්මුඛ කිරීමට කටයුතු කිරීම බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *