චැනල් ෆෝ පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක…!

September 4, 2023 at 11:40 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 2019 වසරේ සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් හෙට දින ප්‍රසිද්ධියට පත් කරන බව බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව නිවේදනය කරයි.

දැනට ස්විට්සර්ලන්තයේ සරනාගතභාවය පතා රැඳී සිටින පිල්ලෙයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදුකරන ප්‍රකාශයක් මෙහි මූලිකව අඩංගු බව ද වාර්තා වෙයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්‍රකාශ නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එම පුද්ගලයාට අනුබල දී ඇතැයි ද සඳහන්ය.

පසුගිය අගෝස්තු 15 සඳහා මෙම වීඩියෝ එළිදැක්වීමට සැලසුම් කර තිබුණත් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරෙස් සාලේ විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරු මාර්ගයෙන් කළ දැනුම්දීමක් අනුව අදාළ වීඩියෝ එදින විකාශය කිරීම අත්හිටුවා තිබේ.

තම නම යොදාගනිමින් අදාල වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකළ බව ද තහවුරු කරන ලිපි ලේඛන ද සුරේෂ් සාලේ විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම දැනුම් දීමෙන් පසු අදාළ නාලිකා විසින් වීඩියෝ සංස්කරණය කරමින් හෙට දිනයේ විකාශය කිරීමට නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *