පසුගියදා චාල්ස් තෝමස් විසින් හොරණ නගරයේ පැවැත්වීමට සූදානම් කළ කඳුල වැඩසටහන නවතා දමා ඇතැයි වාර්තා වෙයි.
හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙලෙස අදාළ වැඩසටහන නවතා දමා තිබේ.
බෞද්ධයින් අතරට ගොස් සාමය සංහිඳියාව පිළිබඳ දේශන පැවැත්වීමට කටයුතු කළ චාල්ස් තෝමස් අරගල සමයේ සිදුකළ වෛරී ප්‍රකාශ නිසා දැඩි ජනතා විරෝධයකට මුහුණ දෙමින් ඇත. ඔහු සූක්ෂ්ම ලෙස බෞද්ධයින් රවටා අන්‍යාගමිකකරණයෙහි යෙදෙන බවට ද චෝදනා එල්ල වෙයි.