ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එම උත්සවයේ ගෙවීම් ලෙස අනුමත වී තිබුණේ රුපියල් ලක්ෂණ නවයක් පමණක් බවත් එය ද තවමත් ගෙවා නොමැති බවත් හෙතෙම අද (10) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද්දේ එම උත්සවයට අදාළ මිල ගණන් කැඳවීමේ ලේඛනයක් බව ද හෙතෙම සඳහන් කළේය.
ඒවායේ ඉහළ මිල ගණන් නිසා ඒවා රජය විසින් ලබා නොගත් බවත් පැවසූ ජයතිස්ස මහතා එම උත්සවය සඳහා රුපියල් ලක්ෂණ නවයකට වඩා රජය සතයක්වත් වියදම් කර නැති බව ද තවදුරටත් කියා සිටියේය.