චරිත හේරත් පාර්ලිමේන්තු යැව්වේ මං..! – මහින්ද පතිරණ…

August 31, 2022 at 11:55 am | by emanisa.lk

වැඩ බැරි ජී.එල්. සහ ඩලස් ඇතුළු පිරිසක් ගෝඨාභය ෆේල් කළ වියත්මග මානසිකත්වය සහිත තවත් කීප දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙලාලු. සියතින් ගෙල සිඳ ගන්නව කියන්නෙ මේවට.

චන්න ගැන නම් දුකයි. පාර්ලිමේන්තුවට ආපු නවකයෙක් විදියට කැබිනට් ඇමතිකමකුත් ලැබුණා. මම හොඳට ම දන්නවා ඒක නිර්දේශ කළේ පක්ෂය කියල.

චරිත ගැන දුක නැහැ තරහයි. කුරුණෑගලින් නාමයෝජනා ලැයිස්තුවට එන්න බැරිව හිටිය චරිතවත් දන්නෙ නැහැ, ඔහුට ජාතික ලැයිස්තුව දෙන්න මම පුද්ගලික ව කරපු කැපකිරීම. අදත් පක්ෂයේ ලියවිලිවල තියෙන්නෙ මගෙ නිර්දේශය මත දුන්න කියල.

එහෙම කරනකොට මම හිතුවේ පක්ෂයේ බුද්ධිමය තලය නියෝජනය කරමින් වැඩක් කරයි කියල. ඒත් ඔහුට ආපු දවසේ ඉඳල හැකි ඉක්මනින් තනතුරු ඕන වුනා. තමන් ආවේ ඇයි කියල අමතක වුනා. අපි ජාතික ලැයිස්තුවට උගතුන් දැම්මේ පක්ෂයේ මතවාදය හදන්න මිසක් තනතුරු අරගෙන විනාශ වෙන්න නෙමෙයි.

දැන් මේ පිරිස එක්පයර්ඩ්. මේ කණ්ඩායම අවසන් වරට දේශපාලනිකව විනාශ වුනේ දිරපු ළනු මෝල් පිටින් කාලා ඩලස් ජනාධිපති කරන්න ගිහිං. එදා විමල්, ගම්මන්පිල, සජිත් පිළ හා දෙමළ ජාතික සංධානය එක්ක එකතු වෙලා සිඟිත ආතල් එකක් ගත්තා.

දේශපාලනය හැසිරෙන්⁣නෙ කොහොමද කියල තඹ දොයිතුවක ප්‍රායෝගික දැනුමක් නැහැ. තොර තෝංචියක් නැතුව කියවනව හැර රටට වැඩක් කරනව තියා හිතන්නනත් බැහැ. ලංකාවේ බොහෝ උගතුන්ගේ ස්වභාවය ඕක.

මහින්ද පතිරණ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *