චරිත් අබේසිංහ සජබට ආවේ අල්ලස් සිද්ධියෙන් පස්සේ…! – රංජිත් මද්දුමබණ්ඩාර….

June 26, 2026 at 2:51 pm | by emanisa.lk

සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහු මෙතෙක් දැරූ සියලු තනතුරුවලින් සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2023 වසර වන විට චරිත් අබේසිංහ සිය පක්ෂයේ සාමාජිකයෙකු හෝ සංවිධායකවරයෙකු හෝ නොවන බවත් ඔහු එහි කිසිදු තනතුරක් ද නොදැරූ බවත්ය.

එහෙත් සමගි ජනබලවේගය කිසිදු විටෙක දූෂණයට හෝ නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ නොවන බවද මහ ලේකම්වරයා අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *