මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
“මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
මාධ්‍යවේදීන්, සිවිල් හා සමාජ ක්‍රියාකාරිකයන්, මෙන්ම වෘත්තීය සමිති නායකයන් ඇතුළු බලපෑම් කණ්ඩායම් වෙත එල්ල වන මෙවැනි තර්ජන සහ බියගුළු ප්‍රහාර මගින් ජනතාව බිය වැද්දිය නොහැක.
පසුගිය දිනවල ජනාධිපතිවරයාට ඇතැමුන් පැවසු පරිදි මේ ‘කෙවිට අතට ගැනීමක්’ ද යන්න පිළිබඳව අපට බලවත් සැකයක් මතුව තිබේ.
මේ පිළිබඳ වහා නිසි පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි රජයට බල කරමු.”