මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගෙන් විමසා ඇති බව දැනගන්නට ඇත.
ඊයේ පෙරවරු 7.45 ට පමණ චමුදිත සමරවික‍්‍රමට දුරකථන ඇමතුමක් ගෙන තිබෙන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැක කවුරුන් හෝ සිටීදැයි විමසා තිබේ.
එසේ පුද්ගලයන් සැක කිරීමේ හැකියාවක් තමන්ට නැති බව කියා ඇති චමුදිත සමරවික්‍රම, ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් වහා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.