ඝාතකයා පොතක් කපා රිවෝල්වරයා ගෙන ආ හැටි…!

February 19, 2025 at 2:26 pm | by emanisa.lk

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා පොතක් තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් ගිනි අවිය රඳවා ගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබේ.

අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීම සිදුකළ රිවෝල්වරය වෙඩි තැබීම සිදු වූ ස්ථානයේම දමා ගොස් තිබූ අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ගනේමුල්ලේ සංජීව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මරුමුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *