ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකකින් එළවා දැමුව ද පළපුරුද්දක් නැති මාලිමාණ්ඩුව ඊට පෙර එළවා දමන බව විශ්වාස යැයි සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුත්තේ ඒ සඳහා පළපුරුද්දක් ඇති කණ්ඩායම බව ද ඔහු පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය ගොඩගත හැකි හොඳ ම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ බව ද රංජිත් මද්දුමබණ්ඩාර ප්රකාශ කරයි.
සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.