මේ ආණ්ඩුව බලය ගැනීමකට පෙර කයිවාරු ගැසූ හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩම් ද ලංකාව මිල දී ගනී යැයි සිතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හොරොව්පොතාන ගලෙන්බිදුනුවැව දී සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ය.
“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.
මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.
සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. එහෙත් අද සිදුවන්නේ ඒකේ අනික් පැත්තයි.”