ගෝඨාභයට මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න…! – යාපනය අධිකරණයෙන් නියෝග…

December 11, 2025 at 9:50 am | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මරණ තර්ජන තිබේ නම් ඊට අදාළ කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාළ නඩුව ඊයේ (10) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.

ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

එවැනි ජීවිත ගෝඨාභය රාජපක්ෂට තිබේ නම් ඊට අදාල කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *