ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
පාර්ලිමේන්තුවේ දී අද (07) ඔහු මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ජනතාවට බදු සහන ලබා දුන්නේ සද්භාවයෙන් වුවත් එය නරක පැත්තට හැර වුණු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
පී.බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා කැඳවූ අවස්ථාවේදී රටේ මූල්‍ය අර්බුදයක් නොමැති බව ඔවුන් පැවසුවේ යැයි ද හෙතෙම සඳහන් කළේය.